May 23, 2023

ප්‍රසිද්ධ නිවේදනය – 2023.05. 23

ලිපි

ප්‍රසිද්ධ නිවේදනය – 2023.05. 23

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් “සිවිල් වැසියන් විසින් කරනු ලබන උද්ඝෝෂණ සම්බන්ධව ක්‍රියාත්මක වීමේදී රාජ්‍ය සහ නීති ක්‍රියාත්මක කරනු ලබන නිලධාරීන් විසින් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටීන් පිළිබඳ නිර්දේශිත මාර්ගෝපදේශන”  2023 මැයි මස 12 වන දින එළිදක්වන ලදී.  නීති විශාරදයින්, සිවිල් සංවිධාන ක්‍රියාධරයින්, නීතිය බලාත්මක කරනු ලබන නිලධාරීන්ගේ අදහස් ද විමසමින් මෙම නිර්දේශිත මාර්ගෝපදේශන වසරක පමණ කාලයකදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සකස් කරන ලද්දකි.

මෙම නිර්දේශිත මාර්ගෝපදේශය සම්බන්ධයෙන් වඩාත් පුළුල් ලෙස මහජන අදහස් විමසා එම කරුණු සැළකිල්ලට ලක්කරමින් අවසන් මාර්ගෝපදේශ එළිදැක්වීමට අවශ්‍ය කර ඇත.  ඒ අනුව 2023 ජුනි මස 09 වන දිනට පෙර නිර්දේශිත මාර්ගෝපදේශ සම්බන්ධයෙන් පුද්ගලයින්ට සිය අදහස් හා යෝජනා ලිඛිතව සිංහල/දෙමළ සහ ඉංග්‍රීසි බසින් යොමු කිරීමට අවස්ථාව සලසා ඇත.

භාගත කිරීම : Public Notice of HRCSL -Sinhala

Font Resize
Contrast

Sorry for the inconvenience caused, the language you’ve requested in currently under construction.

සිදුවෙමින් පවතින අපහසුතාවයට කණගාටුයි, දැනට ඔබ ඉල්ලූ භාෂාව ඉදිවෙමින් පවති.

ஏற்பட்ட அச on கரியத்திற்கு மன்னிக்கவும், தற்போது கட்டுமானத்தில் உள்ள நீங்கள் கோரிய மொழி.