Jan 26, 2023

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ – මාධ්‍ය නිවේදන අංක: HRC/P/i/26/01/23

ලිපි

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ – මාධ්‍ය නිවේදන අංක: HRC/P/i/26/01/23

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වෙන 2023 වර්ෂයේ ජනවාරි මස 23 වන දින සිට පෙබරවාරි මස 17 දින දක්වා කාල සීමාව තුළ අඛණ්ඩව විදුලි බල සැපයුම ලබාදීම සඳහා කටයුතු කිරිම සඳහා 2023 ජනවාරි මස 25 වන දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් කැඳවන ලද සාකච්ඡාවකදී විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය,  ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, විදුලිබල මණ්ඩලය සහ ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සමථයකට එළඹුණි.

එහිදී කරුණු 05 ක් පිළිබඳ උක්ත පාර්ශවයන් අතර සමථය ඇති විය.  එනම්:

  1. 2023 වර්ෂයේ අ.පො.ස.(උ.පෙළ) විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා අවශ්‍ය වන ඉන්ධන ලබාදීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟ වේ.
  2. ඉන්ධන සඳහා වැයවන පිරිවැය අයකර ගැනීමට අවශ්‍ය වන කොන්දේසි ඉදිරියේදී සිදුකිරීමට යෝජිත විදුලි මිළ සංශෝධනයේදී ගෙවීම් කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබාදිය යුතු බව විදුලිබල මණ්ඩලය වෙත මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් උපදෙස් ලබාදෙනු ලැබේ.
  3. ඒ අනුව අදාළ මුදල් දින 60 ක් ඇතුළත ගෙවීමට පාර්ශවයන් එකඏතාවය පළ කර සිටී.
  4. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් මෙම සමථය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය හා පහසුකම් සැපයීමට මැදිහත් විය යුතුය.
  5. ඒ අනුව අ.පො.ස. (උ.පෙළ)  විභාගය පැවැත්වෙන කාලය තුළ (2023.01.25 වන දින සිට බල පැවැත්වෙන පරිදි)  එනම් 2023 වර්ෂයේ ජනවාරි මස 23 වන දින සිට පෙබරවාරි මස 17 දින දක්වා විදුලිය විසන්ධි නොකිරීමට එකඟ වේ.

භාගත කිරීම: HRCSL Press Notice 26012023

 

Font Resize
Contrast

Sorry for the inconvenience caused, the language you’ve requested in currently under construction.

සිදුවෙමින් පවතින අපහසුතාවයට කණගාටුයි, දැනට ඔබ ඉල්ලූ භාෂාව ඉදිවෙමින් පවති.

ஏற்பட்ட அச on கரியத்திற்கு மன்னிக்கவும், தற்போது கட்டுமானத்தில் உள்ள நீங்கள் கோரிய மொழி.