Jan 20, 2023

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ – මාධ්‍ය නිවේදන අංක: HRC/P/i/19/01/23

ලිපි

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ – මාධ්‍ය නිවේදන අංක: HRC/P/i/19/01/23

2023 ජනවාරි මස 18 වන දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණි ආදිවාසී නායකයින් කණ්ඩායමක් පැමිණිල්ලක් බාරදෙන ලදී. මෙම කණ්ඩායම ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝගේ මූලිකත්වයෙන් පැමිණි අතර, දඹාන, පොල්ලේබැද්ද, හෙන්නානිගල, වාකරේ, කරකච්චේනයි, තෝකූර් සහ කට්ටපරිච්චන් යන ප්‍රදේශ නියෝජනය කරන ආදිවාසී නායකයින් මේ අවස්ථාවට සහභාගී විය.

මෙහිදී ඉදිරිපත් කරන ලද පැමිණිලි අතර, පහත අංශ කරෙහි අවධානය කර තිබුණි.

. ආදිවාසී ජනතාවට විධිමත් වූ ව්‍යාවස්ථාමය පිළිගැනීමක් නොමැතිවීම.

· ආදිවාසී ජනතාවට සුවිශේෂී වූ ආර්ථික, සමාජ, සංස්කෘතික, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදනය
නොවීම.

· ආදිවාසී ජනතාවට සුවිශේෂී වූ ආර්ථික, සමාජ, සංස්කෘතික, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සංවේදීතාවයකින් තොරව නීති
ක්‍රියාත්මක කිරීම.

· ආදිවාසී ජනතාවගේ සාම්ප්‍රදායික ජීවනෝපාය හා බැදී ඇති කටයුතු අපරාධමය වරදවල් ලෙස නීති ක්‍රියාත්මක කරන ආයතන හඳුන්වාදී කටයුතු
කිරීම.

· ආදිවාසීන්ගේ වාසස්ථාන හා ඔවුන් හා මුතුන්මිත්තන්ගේ භූමි ප්‍රදේශවල සාමකාමීව ජීවත්වීමේ පරිසරයක් ඇතිකිරීමට කටයුතු කිරීම.

භාගත කිරීම: HRCSL Press Notice 19.01.2023

Font Resize
Contrast

Sorry for the inconvenience caused, the language you’ve requested in currently under construction.

සිදුවෙමින් පවතින අපහසුතාවයට කණගාටුයි, දැනට ඔබ ඉල්ලූ භාෂාව ඉදිවෙමින් පවති.

ஏற்பட்ட அச on கரியத்திற்கு மன்னிக்கவும், தற்போது கட்டுமானத்தில் உள்ள நீங்கள் கோரிய மொழி.