පාසල් සිසුවියක් සියදිවි හානිකර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සිය මෙහෙයවීමෙන් සිදුකරන විමර්ශනය.
කොටහේන මහල් නිවාස සංකිර්ණයේ සිසුවිය සියදිවි හානිකර ගැනීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සිය මෙහෙයවීමෙන් විමර්ශනයක් ආරම්භ කළ අතර, එකී විමර්ශනය 2025-05-14 වන දින පෙ.ව.10.30ට මානව හිමිකම් කොමිෂන් සභාවේදී පවත්වන ලදී. බම්බලපිටිය රාමනාදන් හින්දු විද්‍යාලයේ විදුහල්පති, කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ, සිද්ධියට සම්බන්ධ අදාළ ගුරුවරයා, පොලිස් ස්ථානාධිපති බම්බලපිටිය, පොලිස් ස්ථානාධිපති කොටහේන, හා අදාළ පුද්ගලික උපකාරක පන්ති සම්බන්ධීකාරක විමර්ශනය සදහා කැඳවන ලදී.
Read More: