Mar 09, 2023

මාධ්‍ය නිවේදන අංක: HRC/P/S/ii/09/03/23

ලිපි

මාධ්‍ය නිවේදන අංක: HRC/P/S/ii/09/03/23

2023 මාර්තු මස 07 සහ 08 යන දින වල කොළඹ විශ්වවිද්‍යාලය අවට පැවැති උද්ඝෝෂන සහ 2023 මාර්තු මස 08 වන දින කැළණිය විශ්වවිද්‍යාලය අවට පැවැති උද්ඝෝෂන පාලනය කිරීම සඳහා පොලිසිය සහ ආරක්ෂක අංශ ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර ඇත.

ඒ අනුව මෙම උද්ඝෝෂන දිනවල උද්ඝෝෂන පාලනය කිරිම සදහා ක්ෂේත්‍රයේ කටයුතු කළ ජ්‍යේෂ්ඨතම පොලිස් නිලධාරීන්ගේ නාම ලේඛනයක්  (එක් එක් ක්ෂේත්‍රය  වෙන්වෙන්  වශයෙන්) 2023 මාර්තු මස 10 වන දිනට පෙර  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත යොමු කරන ලෙස පොලිස්පතිවරයා වෙත 2023 මාර්තු මස 09 වන දින ලිඛිතව දන්වා යවන ලදී.

භාගත කිරීම: HRCSL Press Notice 09032023 ii

Font Resize
Contrast

Sorry for the inconvenience caused, the language you’ve requested in currently under construction.

සිදුවෙමින් පවතින අපහසුතාවයට කණගාටුයි, දැනට ඔබ ඉල්ලූ භාෂාව ඉදිවෙමින් පවති.

ஏற்பட்ட அச on கரியத்திற்கு மன்னிக்கவும், தற்போது கட்டுமானத்தில் உள்ள நீங்கள் கோரிய மொழி.