Mar 17, 2023

මාධ්‍ය නිවේදන අංක: HRC/P/S/i/16/03/23

ලිපි

මාධ්‍ය නිවේදන අංක: HRC/P/S/i/16/03/23

මේ දිනවල දිවයිනේ රජයේ රෝහල්වල පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පරීක්ෂණයක් ආරම්භ කර ඇත.  2023.03.15 වන දින මෙම පරීක්ෂණයට අදාළව  පැමිණිලිිකරුවන් හා වගඋත්තරකරුවන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පරීක්ෂණය සඳහා කැඳවන ලදී.

එහිදී මෙම පරීක්ෂණයේ වගඋත්තරකරුවන් වන ලේකම්, සෞඛ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ සභාපති, ජාතික ඖෂධ නියාමන අධිකාරිය යන ආයතනයන් ලෙස නම් කර සිතාසි යොමුකරන ලදි. නමුත් මෙම පරීක්ෂණයේදී තීරණ ගත හැකි මට්ටමේ නිලධාරීන් උක්ත ආයතන නියෝජනය කරමින් සහභාගී නොවීම පදනම් කරගෙන පැමිණිලි විභාගය 2023.03.23 වන දිනට කල් දමන ලදී.

ඉතාමත් කඩිනමින් මැදිහත් විය යුතු ජාතිකමය වැදගත්කමක් සහිත ගැටළුවක් ලෙස රජයේ රෝහල් වල පවතින ඖෂධ හිඟය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සළකනු ලැබේ.  ඒ අනුව කල්ගත කිරීමකින් තොරව ඉතාමත් ඉහළ ප්‍රමුඛතාවයකින් මෙම ඖෂධ ගැටළුව විසඳා ගත යුතු බැවින් ඉහත ආයතන වල ප්‍රධානීන් වෙත සිතාසි යොමු කර එම පාර්ශවයන් කැඳවීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇත. මෙම පැමිණිල්ලේ පැමිණිලි පාර්ශවය ලෙස වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කටයුතු කරනු ලැබේ.

භාගත කිරීම: HRCSL Press Notice 16032023

Font Resize
Contrast

Sorry for the inconvenience caused, the language you’ve requested in currently under construction.

සිදුවෙමින් පවතින අපහසුතාවයට කණගාටුයි, දැනට ඔබ ඉල්ලූ භාෂාව ඉදිවෙමින් පවති.

ஏற்பட்ட அச on கரியத்திற்கு மன்னிக்கவும், தற்போது கட்டுமானத்தில் உள்ள நீங்கள் கோரிய மொழி.