Jan 25, 2023

(සිංහල) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ – මාධ්‍ය නිවේදන අංක: HRC/P/i/25/01/23

Articles

(සිංහල) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ – මාධ්‍ය නිවේදන අංක: HRC/P/i/25/01/23

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා  පෙනී සිටින අපේක්ෂකයින්ගේ අධ්‍යාපන අයිතියට බාධාකාරි තත්වයක් දිවයින තුළ දැනට ක්‍රියාත්මක වන විදුලි කප්පාදුව ඔස්සේ ඇති වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට නිරීක්ෂණය වන බැවින්, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ  ලේකම්වරයා සහ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා  කොමිෂන් සභාවේ සභාපතිවරයා 2023.01.25 දින  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැදවන ලදි.

ඒ අනුව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා  කොමිෂන් සභාවේ සභාපතිවරයා,  විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ  අතිරේක ලේකම්වරයෙකු, සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් කිපදෙනෙකු අද දින සාකච්ඡාවට සහභාගී විය.

මෙම සාකච්ඡාවේදී මතු වු ගැටළු සම්බන්ධව කඩිනමි මැදිහත්වීමක් අත්‍යාවශ්‍ය බැවින් අද දින (2023.01.25) පස්වරු 04.00 ට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් හදිසි  සාකච්ඡාවක් සඳහා පහත ආයතනයන් කැඳවා ඇත.  ඒ අනුව මෙම සාකච්ඡාව සදහා ලේකම් – විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, සභාපති – ශ්‍රී ලංකා මහජන උපයෝගීතා  කොමිෂන් සභාව, සභාපති – ලංකා විදුලි බල මණ්ඩලය, සභාපති – ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, සභාපති – ලංකා බැංකුව සහ සභාපති – මහජන බැංකුව. කැදවා ඇත.

භාගත කිරීම: HRCSL Press Notice on 25012023 with HRCSL Letter on 25012023

Font Resize
Contrast

Sorry for the inconvenience caused, the language you’ve requested in currently under construction.

සිදුවෙමින් පවතින අපහසුතාවයට කණගාටුයි, දැනට ඔබ ඉල්ලූ භාෂාව ඉදිවෙමින් පවති.

ஏற்பட்ட அச on கரியத்திற்கு மன்னிக்கவும், தற்போது கட்டுமானத்தில் உள்ள நீங்கள் கோரிய மொழி.