Jul 29, 2019

Article on Gagana.lk (Sinhala)

Articles

Article on Gagana.lk (Sinhala)

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයෙන් පසු මුස්ලිම් විරෝධී ආකාරයෙන් උසාවි කටයුතු සිදුකළ වයඹ පළාතේ නීතිඥවරුන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ඉල්ලා සිටී.

එයින් ඇතැමකු මුස්ලිම් සැකකරුවන් වෙනුවෙන් පෙනී හිඳීම ප්‍රතික්ෂේප කිරීමේත්, තවත් පිරිසක් ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සැක කෙරෙන කණ්ඩායමකට ඇප නොදීමට එරෙහිව විරෝධතා පැවැත්වීමේත් “වෘත්තියට නොගැලපෙන, ආචාරධර්ම විරෝධී” චර්යාවක නිරත වී ඇති බව මානව හිමිකම් කොමිසම විසින් නීතිඥ සංගමයේ සභාපති කාලිංග ඉන්දතිස්සට ලිඛිතව පැමිණිලි කර ඇත.

“අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අත් අඩංගුවට ගන්නා ලද මුස්ලිම් ජාතිකයන් හය දෙනකු වෙනුවෙන් පෙනී හිඳීම මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට නිතිපතා සහභාගි වන නීතිඥයන් විසින් ප්‍රතික්ෂේප කිරීම එක අවස්ථාවක් ලෙස දැක්විය හැකියැ,” යි කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම විසින් යවන ලද ලිපියක සඳහන් වෙයි.

“ඇත්ත වශයෙන්ම, ඇප ඉල්ලා සිටීමේ සීමිත කටයුත්තට (මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥයකුගේ ඉතා සාමාන්‍ය රාජකාරිය) පෙනී හිඳීමට පිටතින් පැමිණි නීතිඥවරියක් එකඟ වූ අවස්ථාවේ, නිතිපතා එන නීතිඥයන් ඇයට බරපතල ලෙස එදිරිවාදිකම් පා තිබේ. ඉතිරි සැකකරුවන් දෙදෙනා (හතර දෙනකු නිදහස් කරන ලදී) වෙනුවෙන් පෙනී සිටින්නේ සාමාන්‍යයෙන් මාරවිල අධිකරණයේ රාජකාරි නොකරන නීතිඥවරුන් විසිනි.”

මාරවිල නීතිඥ සංගමය මුස්ලිම්වරුන්ට හතුරුව කටයුතු කරන ආකාරය එළිදරව් වූ පළමු අවස්ථාව එය නොවේ.

නාත්තන්ඩිය ප්‍රදේශයේ ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් හදිසි නීතිය යටතේ මැයි මාසයේදී අත්අඩංගුවට ගන්නා ලද සැකකාර පිරිසක් වෙනුවෙන් කිසිදු ගාස්තුවක් අය නොකර “සිංහල බෞද්ධ”පදනමකින් අධිකරණයේ පෙනී සිටීමට මාරවිල නීතිඥ සංගමය තීන්දු කළ බව එහි සභාපති ලලන්ත සරත්චන්ද්‍ර ප්‍රසිද්ධියේ කියා තිබුනි.

Read Full Article (Sinhala):

https://www.gagana.lk/srilanka/02/111331

Font Resize
Contrast

Sorry for the inconvenience caused, the language you’ve requested in currently under construction.

සිදුවෙමින් පවතින අපහසුතාවයට කණගාටුයි, දැනට ඔබ ඉල්ලූ භාෂාව ඉදිවෙමින් පවති.

ஏற்பட்ட அச on கரியத்திற்கு மன்னிக்கவும், தற்போது கட்டுமானத்தில் உள்ள நீங்கள் கோரிய மொழி.