Jan 12, 2023

(සිංහල) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ – මාධ්‍ය නිවේදන අංක: HRC/P/i/11/01/23

Articles

(සිංහල) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ – මාධ්‍ය නිවේදන අංක: HRC/P/i/11/01/23

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් අද දින (2023.01.11) රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් අද දින (2023.01.11) රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ රැඳවුම් තත්ත්වය පරික්ෂා කිරීම සඳහා කොළඹ රක්ෂිත බන්ධනාගාරය වෙත විශේෂ පරීක්ෂණ මෙහෙවරක් සිදු කරන ලදී  මෙම මෙහෙවර සදහා  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා, මානව හිමිකම් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (අධීක්ෂණ හා ඇගයුම්) නිහාල් චන්ද්‍රසිරි මහතා සහ තවත් නිලධාරීන් දෙදෙනෙකු සහභාගි විය.  මෙහිදී අදාළ රැඳවියා රඳවා සිටි රැඳවුම්  ස්තානය වෙතම ගොස් ඔහුගේ රැඳවුම් තත්ත්වය පරික්ෂා කරන ලදි. රැඳවුම් තත්ත්වය  වැඩි දියුණු කිරීම සඳහා ගතයුතු පියවරයන් පිළිබඳව අදාල බන්ධනාගාර නිලධාරීන් දැනුවත් කරන ලදි. මෙම පරික්ෂා කිරීම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් ක්‍රියාත්මක කරන වධහිංසා වැලැක්වීම ජාතික යාන්ත්‍රණයේ (National Preventive Mechanism-NPM) කොටසක් ලෙස සිදුකරන ලදි.  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව  පනතේ 11 (ඈ) සහ 28. (2) වගන්ති ප්‍රකාර හිමි ඇති බලතල අනුව පූර්ව දැනුම් දීමකින් තොරව මෙවැනි හදිසි පරික්ෂා කිරීම සිදු කරනු ලැබේ.

භාගත කිරීම: HRCSL Press Notice11012023

Font Resize
Contrast

Sorry for the inconvenience caused, the language you’ve requested in currently under construction.

සිදුවෙමින් පවතින අපහසුතාවයට කණගාටුයි, දැනට ඔබ ඉල්ලූ භාෂාව ඉදිවෙමින් පවති.

ஏற்பட்ட அச on கரியத்திற்கு மன்னிக்கவும், தற்போது கட்டுமானத்தில் உள்ள நீங்கள் கோரிய மொழி.