Mar 29, 2023

(සිංහල) මාධ්‍ය නිවේදන අංක: HRC/P/S/ii/28/03/23

Articles

(සිංහල) මාධ්‍ය නිවේදන අංක: HRC/P/S/ii/28/03/23

රජයේ රෝහල්වල පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිදු කරන පරීක්ෂණයට අදාළව  පැමිණිලිිකරුවන් හා වගඋත්තරකරුවන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත අද දින(2023.03.28) නැවත කැඳවන ලදී.

මෙම පරීක්ෂණයේ වගඋත්තරකරුවන් වන ලේකම්, සෞඛ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ සභාපති, ජාතික ඖෂධ නියාමන අධිකාරිය යන ආයතනයන් වෙත සිතාසි යොමුකරන ලදි. ඒ අනුව මෙම  පරීක්ෂණය සදහා සෞඛ්‍යය අමාත්‍යංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා,  ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය   එස්. ඩී. ජයරත්න මහතා සහ සෞඛ්‍යය අමාත්‍යංශයේ සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ උසස් නිලධාරීන් සමිබන්ධ විය. මෙම පැමිණිල්ලේ පැමිණිලි පාර්ශවය ලෙස වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කටයුතු කරනු ලැබේ.

භාගත කිරීම : HRCSL Press Notice 28032023 ii

Font Resize
Contrast

Sorry for the inconvenience caused, the language you’ve requested in currently under construction.

සිදුවෙමින් පවතින අපහසුතාවයට කණගාටුයි, දැනට ඔබ ඉල්ලූ භාෂාව ඉදිවෙමින් පවති.

ஏற்பட்ட அச on கரியத்திற்கு மன்னிக்கவும், தற்போது கட்டுமானத்தில் உள்ள நீங்கள் கோரிய மொழி.